සහරාන්ගේ ගෝලයෝ සටන් පුහුණුව දුන් තවත් පිරිසක් ගැන හෙළිදරව්වක්

Picture of අසංක

අසංක

මදුරන්කුලියේ මද්‍රසා පාසල පවත්වාගෙන ගිය පාස්කු ප්‍රහාරයට සැකපිට අත්අඩංගුවට ගෙන සිටින නීතීඥවරයා සභාපතිධුරය දරණ රාජ්‍ය නොවන සංවිධානයට මැදපෙරදිග රටකින් ආධාර ලැබී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශනවලින් හෙළිවෙයි.

ඊට අමතරව මෙම රාජ්‍ය නොවන සංවිධානයට තවත් රාජ්‍ය නොවන සංවිධානයකින් ආධාර ලැබී ඇතැයි ලැබී ඇති තොරතුරක් ගැනද විමර්ශන පැවැත්වෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවැසීය.

මෙම රාජ්‍ය නොවන සංවිධානයේ ආධාර මත පවත්වාගෙන ගිය මදුරන්කුළියේ පිහිටි මද්‍රසා පාසලින් අධ්‍යාපනය ලද මාපියන් අහිමි දරුවන්ද මේ වන විට හදුනා ගනිමින් සිටි.

එම මද්‍රසා පාසලින් අන්තවාදය වපුරා ඇතැයි දරුවන්ගේ ප්‍රකාශවලින් පැහැදිලි වී ඇත.

මෙම දරුවන්ට අමතරව තවත් දරුවන් පිරිසකට සහරාන්ගේ ගෝලබාලයින් විසින් සටන් පුහුණුව ලබාදීමක් ගැනද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට තොරතුරු ලැබී තිබේ.