ප්‍රබෝධා හෙට්ටිආරච්චි
මෙරට පොස්කු ඉරිදා ප්‍රහාර සැලසුම් කළ මහමොළකරු බව කියන සහරාන් හෂීම්ගේ දේශන අසමින් ඉන්දියාවේ කේරළයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් සිදුකිරීමට කුමන්ත්‍රණය කළ අයිඑස් ත්‍රස්ත සාමාජිකයකු ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන තිබේ.
කෝචි අධිකරණයට ඉදිරිපත් කළ 29 හැවිරිදි රියාස් අබුබකර් හෙවත් අබු දුජානා හෙළි කළ තොරතුරුවලට අනුව වසරක පමණ කාලයක් තිස්සේ සහරාන් හාසිම්ගේ දේශන අසමින් ඔහු පසුහැඹූ බව ද පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව කේරළයේ ප්‍රහාරය සැලසුම් කර තිබූ බව ද පවසා ඇත.
මොවුන් 2016 දී අයිඑස් ත්‍රස්ත සංවිධානයට සම්බන්ධ වීම සදහා ඉන්දියාවෙන් සිරියාවට ගොස් ආ අය බවට ඉන්දීය ජාතික විමර්ශන ඒජන්සිය හදුනාගෙන තිබේ.
සහරාන් හෂීම්ගේ දේශන ඇතුළත් හඩ පට, වීඩියෝ දර්ශන එක දිගට පසුහඹමින් රියාස් ප්‍රහාර සැලසුම් කළ බව ද අධිකරණය හමුවේ පවසා ඇත.
දැනට අතුරුදන් සැකකරුවකු වන අබ්දුල් රාෂිද් අබ්දුල්ලා ද අයිඑස් ත්‍රස්ත සංවිධානය හා 2016 දී සම්බන්ධ වූ අයෙක් න අතර ඔහු ද රියාස් සමග සහරාන් හාසිම් අනුගමනය කළ සැකකරුවන් ය.
රියාස් බොහෝ දෙනකු සහරාන් හාෂිම්ගේ මග අනුගමනය කිරීමට ඉඩ සැලැස්වූ ආකාරය ද ඔහු ඉන්දීය ජාතික විමර්ශන ඒකකය ට හෙළිකර ඇත.
එමෙන්ම රියාස් පවසන පරිදි ඉන්දියාවේ ඉස්ලාම් අන්තවාදී ධර්මදේශකයකු වන සකීර් නායික් ද අනුගමනය කර තිබේ.
මෙරට බෝම්බ ප්‍රහාරය එල්ල කළ ඇතැම් මරාගෙන මැරෙන බෝම්බකරුවන් සාකිර් නායික් සමග සබදතා පැවැත්වූ බවට ද පසුගිය දිනවල මාධ්‍ය වාර්තාවල පළවිය.
සාකිර් නායික් ද දැඩි අන්තවාදී මතධාරියෙක් වන අතර ඔහුගේ ඇතැම් දේශන අතිශය විවාදාපන්න වී තිබේ.