සහරාන්ට පලායන්න රිෂාද්ගේ සොයුරා සහය වූ බව බුද්ධි අංශයත් දැනන් ඉඳලා

Picture of අසංක

අසංක

සහරාන් හෂිම්ට මන්නාරමේ සිට බෝට්ටුවකින් ඉන්දියාවට පළායාමට හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදින්ගේ සොහොයුරු රිෆ්කාන් බදියුදින් උපකාර කර ඇති බව පාස්කු ප්‍රහාරයට පෙර රාජ්‍ය බුද්ධි සේවය දැන සිටි බව හෙළිවෙයි.

ඒ බව එහි හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා ජනාධිපති කොමිසමේදි පිළිගෙන ඇත.

සහරාන්ට මෙම උපකාර ලැබී ඇත්තේ වරෙන්තු නිකුත්වී තිබියදි අධිකරණය මගහරිමින් සිටියදීය.

කොමිසම හමුවේ සාක්ෂිදෙමින් නිලන්ත ජයවර්ධන මහතා සදහන් කළේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විදෙස් බුද්ධි අංශයකින් පළමු පුර්ව දැනුවත් කිරීම සිදුකිරීමෙන් අනතුරුව ජාතික බුද්ධි ප්‍රධානි සිසිර මෙන්ඩිස් මහතා විසින් තමන් මේ පිළිබද දැනුවත් කළ බවය.

එසේම පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලු පාර්ලිමේන්තු තේරීම්කාරක සභාව තමන් අපරාධකරුවෙකු ලෙස සලකා ප්‍රශ්න කිරීම සිදුකළ බවට නිලන්ත ජයවර්ධන මහතා ජනාධිපති කොමිසමේදි චෝදනා කළේ ය.