පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශන සඳහා
සහරාන් හශීම් ඇතුළු ඇතුලූ ත්‍රස්ත කල්ලියේ ජාත්‍යන්තර සබඳතා පිළිබඳ තොරතුරු සොයා බැලීම සඳහා ජාත්‍යන්තර පොලීසිය, අමෙරිකානු විමර්ශන කාර්යංශය, ඕස්ට්‍රේලියානු විමර්ශන කාර්යංශය යන ආයතන සමඟ එක්ව තවදුරටත් දීර්ඝ ලෙස විමර්ශන කටයුතු කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.
පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශන තත්ත්වය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත කරුණු දක්වමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ බව සඳහන් කළේය.
DNA සහ පුපුරන ද්‍රව්‍ය පුපුර මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් රසායනාගාර පරීක්ෂණ සඳහා ඇමරිකාවේ FBI රහස් ඔත්තු සේවයේ සහ AFB පරිගණක වෝහාරික පර්යේෂණ රසායනාගාර භාවිත කළ බව ද එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
මෙහිදී දුරකතන සම්බන්ධතා 1500ක් පමණ සහ දුරකතන ඇමතුම් දුරකථන ඇමතුම් 3000ට අධික සංඛ්‍යාවක් පර්යේෂණ සඳහා යොදා ගැනීමට සිදු වූ බව ද ඔහු පෙන්වා දුන්හ.
ජාත්‍යන්තර විමර්ශන අංශවල සහය ඇතිව පාස්කු ඉරිදා ප්‍රහාරයේ විමර්ශන තවදුරටත් ක්‍රියාත්මක බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අවධාරණය කර සිටියි