සහල් ආනයනය කරන්නේ සහල් මිල පාලනය කරන්නයි – රජය

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනය කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කළේ වෙළදපොලේ සහල් මිල පාලනය කිරීමේ අරමුණින් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ප්‍රකාශ කර සිටී .

අද පාර්ලිමේන්තුවේදි පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉදුනිල් යොමු කළ ප්‍රශ්ණයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය .

දැනටත් මෝල් හිමියන් විසින් ,  වී සඟවා ,ඒ හරහා  අධික ලෙස ලාභ ලබමින් සිටින බව අමාත්‍යවරයා මෙහිදී පැවසීය   .

මේ හේතුවෙන් වෙළඳපොලේ සහල් මිල අධික ලෙස ඉහල ගොස් ඇති බවත් අමාත්‍යවරයා පැහැදිලි කල අතර මෙම ඒකාධිකාරය බිඳීම සඳහා අනිවාර්යයෙන් සහල් ආනයනය කල යුතු බවද අමාත්‍යවරයා මෙහිදී පැවසීය .

 

.