පැතුම් වික්‍රමරත්න
සහල් මෙට්ට්‍රික් ටොන් 6,000 ක් ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත
ඒ අනුව එම සහල් තොග පාකිස්තානයෙන් ආනයනය කිරීම සඳහා කටයුතු යොදා ඇත
දැනට වෙළඳපොළේ පවතින සහල් හිඟයට පිළියමක් ලෙස එම සහල් තොගය කඩිනමින් ආනයනය කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කළ බව අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ඩලස් අලහප්පෙරුම පැවසුවේය
. පාකිස්තාන – ශ්‍රී ලංකා නිදහස් වෙළද ගිවිසුම යටතේ එම සහල් තොගය මෙරටට ආනයනය කිරීම නියමිත බව එහිදී වැඩි දුරටත් සඳහන් කෙරින .