ස්පුට්නික් එන්නත, මෙරට ජනතාවට ලබාදීම අද සිට ඇරඹේ

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

කොරෝනාවට එරෙහිව රුසියාවේ නිපදවූ  ස්පුට්නික් එන්නත මෙරට ජනතාවට ලබාදීමේ මුල් පියවර අද දින සිට ආරම්භවේ .

ඒ අනුව එම එන්නත අද (06) පෙරවරුවේ සිට   කොළඹ දිස්ත්‍රික්කයේ  කොලොන්නාව, ගොතටුව යන  ප්‍රදේශවල  ජනතාවට ලබාදීමට සෞඛ්‍ය අංශ පියවර ගෙන ඇත .

මෙම වැඩපිළිවෙල අද සිට අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවද සෞඛ්‍ය අංශ සඳහන් කර ඇත .

ස්පුට්නික් එන්නතෙන් මාත්‍රා 15000 ක් පසුගියදා මෙරටට ගෙන්වනු ලැබීය