මුලතිව් දිස්ත්රික්කයේ නීතිඥවරු සහ ස්වේච්ඡා සංවිධාන කිහිපයක් අද (24) දහවල් 11.00 ට මුලතිව් නගරයේ විරෝධතා පෙළපාලියක් සංවිධානය කොට තිබුණා.
මුලතිව් පැරණි රෝහල (උන්නාව්පිලව් රෝහල) අබියසින් ආරම්භ වූ මෙම පෙළපාලිය මුලතිව් දිස්ත්රික් ලේකම් කාර්යාලය දක්වා ගමන් කොට එම ස්ථානයේදී විරෝධතාවයක් පැවැත්වූවා