පැතුම් වික්‍රමරත්න
තම තානාපති කාර්යාලයේ කාර්ය මණ්ඩල සාමාජිකාවකට මෑතකදී සිදුවූ සිද්ධිය සම්භන්ධව වාර්තා කිරීමේදී ව්‍යාජ තොරතුරු කිහිපයක් සංසරණය වන බව ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය නිල නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කර ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් තානාපති කාර්යාලය වහාම විධිමත් පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති අතර පොලිස් පරීක්ෂණයට සහයවීම සහ මෙම කාරණාව සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ගවලට පිවිසීම දැනටමත් සිදු කර තිබෙන බව නිවේදනයේ දැක්වේ.
සෞඛ්‍ය තත්ත්වය පිරිහීම හේතුවෙන් වින්දිතයා සාක්ෂිදීමට හැකි තත්ත්වයක නොමැති බවද මෙහි දැක්වේ .
ශ්‍රී ලංකා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවකයකු සහ ඔහුගේ පවුලේ ඥාතීන් පිටුවහල් කරන ලෙස කළ ඉල්ලීම
ස්විට්සර්ලන්ත රජය ප්‍රතික්ෂේප කළ බව චෝදනා කෙරුණත් එවැනි ඉල්ලීමක් ද සිදුකොට නැතැයි ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාල නිල නිවේදනයේ සඳහන් ය.