පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට සාධාරණය ඉටු කිරීම සඳහා අවශ්‍ය ඕනෑම පියවරක් ගැනීමට තමා සූදානම් බව කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රන්ජිත් හිමිපාණෝ අවධාරණය රණය කර සිටී .
. අදින් ආරම්භ කළ කළු විරෝධය එහි පළමු පියවර බවත්, පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ට යුක්තිය හා සාධාරණය ඉටුවන තුරු අඛණ්ඩව විරෝධාතා ක්‍රියාමාර්ගවල නිරතවන බවත් අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමියන් පැවසූහ
කළු ඉරිදා සාමකාමී විරෝධතාවයට සහභාගි වීම සඳහා කොළඹ කොච්චිකඩේ දේවස්ථානය වෙත පැමිණි අවස්ථාවේදී උන්වහන්සේ මේ බව සඳහන් කළහ.
තමන් ඉල්ලා සිටින්නේ වැරදිකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉටු කරන ලෙස පමණක් බවත්, කිසිවෙකුටත් බිය නොවන බවත් කාදිනල්වරයා පැවසීය .