අපොස සාමාන්‍ය පෙළ සදහා විෂයයන් 6ක් කිරීම අනිවාර්ය කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.
එය කඩිනමින් සිදුකරන බව හෙතෙම අවධාරණය කර සිටියි.
එමෙන්ම උසස් පෙළ අනිවාර්ය කිරීමේ ක්‍රමවේදය දැන් කි‍්‍රයාත්මක කර ඇති බවත් එය දිවයින පුරා කි‍්‍රයාත්මක කිරීමට කටයුතු කරන බවත් හෙතෙම වැඩිදුරටත් කියාසිටියේ ය.
සාමාන්‍ය පෙළ අසමත් වූ සිසුවකුට වුවද තාක්ෂණික විෂ්‍යයන් සම`ග උසස් පෙළ කිරීමේ හැකියාව ලබාදී ඇතැයි අමාත්‍යවරයා පවසා සිටියි.
අමාත්‍යවරයා මෙම අදහස් පළකළේ කොළඹ නාල්දා විද්‍යාලයේ ගින්නෙන් විනාශ වී තිබූ මලලසේකර ර`ගහල ප්‍රතිසංස්කරණය කොට යළි විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ එක්වෙමිනි.
2006 වසරේදී ගින්නෙන් විනාශ වී තිබූ එම රගහල ප්‍රතිසංස්කරණය කොට යළි විවෘත කරනු ලැබුවේ අති නවීන පහසුකම්වලින් සමන්විතව වීම ද මෙහිදී කැපී පෙනුණි.