මෙම වසරට අදාලව පැවැත්වීමට නියමිත අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ලබන වසරේ පෙබරවාරියේදී පැවැත්වීමට තීරණය වී තිබේ.
අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා අද සදහන් කරනු ලැබුවේ පෙබරවාරි 21 වෙනිදා සිට මාර්තු 03 දක්වා කාලය තුළ අපොස සාමාන්‍ය පෙළ විභාගය පවත්වන බවයි.
මෙයට පෙර සැළසුම්කර තිබුණේ විභාගය ජනවාර් මාසයේදී පැවැත්වීමටය. 2020 වසරට අදාල සාමාන්‍ය පෙළ ප්‍රතිඵලද තවම නිකුත් කර නැත. ඊට මුල්වී ඇත්තේ කොවිඩ් අවධානම හේතුවෙන් ප්‍රායෝගික පරීක්ෂණ මෙතෙක් පැවැත්වීමට නොහැකි වීම හේතුවෙනි.