සාමය ගැන පකිස්තාන-ලංකා එකඟතාවක්

Picture of අසංක

අසංක


කලාපයේ සාමය හා ස්ථාවරත්වය සඳහා අඛණ්ඩව සම්බන්ධතා පවත්වා ගෙන යාමට ශ්‍රී ලංකාව හා පකිස්තානය එකඟතාවයක් ඇතිකර ගෙන ඇත

ජම්මු හා කාශ්මීරයේ වර්තමාන තත්ත්වය පිළිබඳව පකිස්තාන විදේශ අමාත්‍ය මක්දූම් ෂා මහමුද් කුරේෂි මහතා සහ ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය තිලක් ජනක් මාරපාන මහතා අතර ඊයේ පැවති දුරකථන සංවාදයක් හරහා මෙම එකඟතාවයට පැමිණ ඇති බව වාර්තාවේ.

ජම්මු කාශ්මීර අර්බුදය පිළිබඳව සැලකිලිමත් වන අතරම . ශ්‍රී ලංකාව පාකිස්තානය සමඟ ඇති සබඳතාව අගය කරන බවත් මෙරට විදේශ ඇමතිවරයා මෙහිදී ප්‍රකාශ කර ඇත.

ඉන්දියාව නීති විරෝධී හා ඒකපාර්ශ්වික ක්‍රියාමාර්ග ගනිමින්පි සිටින බව පකිස්තානු විදේශ අමාත්‍යවරයා මෙහිදී ශ්‍රී ලංකාවට කරුණු දැක්වා ඇත.

මේ වන විට ජම්මු හා කාශ්මීරය තුළ ඉන්දියාව ගෙන ඇති පියවර කලාපයේ සාමය හා ආරක්ෂාව සඳහා බරපතල අවදානමක් ඇති බව ඔහු අවධාරණය කර තිබේ.

කාශ්මීරය සඳහා ජෙනොසයිඩ් වොච් නම් ජාත්‍යන්තර සංවිධානය “ජන සංහාර අනතුරු ඇඟවීමක්” නිකුත් කර ඇති බව ඔහු සඳහන් කර ඇති අතර . . ඉන්දීය හමුදා විසින් බලය යෙදවීම මානුෂීය ව්‍යසනයකට තුඩු දිය හැකි බවද ඔහු දන්වා ඇත.