කොවිඩ් වසංගත තත්වය හමුවේ රෝහල් ගතව ප්‍රතිකාර ලබන කොරෝනා ආසාදිතයින් ඉහළ යාමත් සමග උද්ගතව ඇති ඔක්සිජන් අවශ්‍යතාව සපුරාලීම සඳහා ඉන්දියාවෙන් ඇණවුම් කරන ලද සායනික ඔක්සිජන් මෙරටට කඩිනමින් රැගෙන ඒමේ ක්‍රියාවලිය තවදුරටත් ක්‍රියාත්මක බව නාවික හමුදාව පවසයි .
ඒ අනුව ශක්ති නෞකාව මගින් මෙරටට රැගෙන ආ සායනික ඔක්සිජන් තොගය කොළඹ වරාය වෙත ගොඩබෑමෙන් අනතුරුව නැවතත් එම නෞකාව හෙට දිනයේදී තවත් සායනික ඔක්සිජන් තොගයක් මෙරටට රැගෙන ඒම සඳහා ඉන්දියාවේ චෙන්නායි වරාය බලා පිටත්ව යාමට නියමිතව ඇති බවද නාවික හමුදාව පැවසුවේ.
මෙරට කොරෝනා රෝගීන් සඳහා අවශ්‍ය සායනික ඔක්සිජන් රැගත් ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් ‘ශක්ති’ නෞකාව අද (23) උදෑසන කොළඹ වරායට සේන්දුවී තිබේ.
නාවික හමුදාව පැවසුවේ එම නෞකාවේ සායනික ඔක්සිජන් ටොන් 40ක් රැගෙනවිත් ඇති බවය.
මේ අතර සායනික ඔක්සිජන් ටොන් 100ක් රැගත් ඉන්දියාවට අයත් ශක්ති නෞකාව ද ඊයේ (22) කොළඹ වරාය වෙත සේන්දු වී තිබුණි.