සායින්තමරුතු ගැටුමෙන් 15 මරුට – ඔත්තුව මුස්ලිම් වැසියෙක්ගෙන්

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

දම්පත් රණසිංහ- රමේෂ් වරල්ලෙගම

කල්මුනේ සායින්තමරුතු ප්‍රදේශයේ සැකකටයුතු ස්ථානයක් පරීක්ෂා කිරීමේදී ඇතිවු මරාගෙන මැරෙන බෝම්බ පුපුරා ගැනීමෙන් මියගිය ගණන 15ක් බව පොලිසිය සදහන් කරයි.

මෙසේ මියගිය පිරිස අතර වැඩිහිටි පිරිමි 6ක් , වැඩිහිටි කාන්තාවන් තුනක් සහ කුඩා ළමුන් හය දෙනෙක් සිටින බව අම්පාර ප්‍රදේශය භාර පොලිස් ප්‍රධානියෙක් ද කළම්බො එක්ස්ප්‍රස් කළ විමසීමේදී සදහන් කළේය. .

මිය ගිය පුද්ගලයන් සම්බන්ධ මහේස්ත්‍රාත් පරීක්ෂණ මේ වනවිට ක්‍රියාත්මක වේ. මෙම පිපිරීම්වලින් තවත් සිවිල් පුද්ගලයන් තිදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇත.

සායින්තමරුතු ප්‍රදේශයේ අදාල නිවස සැකකටයුතු බව දැනුම් දී ඇත්තේද මුස්ලිම් ජාතිකයකු විසිනි. ඒ මාර්ගයේ රාජකාරිවල නිරතවු රථවාහන අංශයේ නිලධාරියෙකුටය.

ඒ අනුව ක්‍රියාත්මක වු පොලිසිය, විශේෂ කාර්ය බළකාය සහ යුද හමුදාව අදාල ස්ථානයේ වැටලීම ක්‍රියාත්මක කර තිබිණි.

සියලු කටයුතු හෙළිවෙතැයි බියෙන් සැකකරුවන් බෝම්බ පුපුරවාගෙන ඇති අතර පාස්කු ඉරිදා 4-21 PLAN Attack ප්‍රහාරයට සම්බන්ධ මරාගෙන මැරෙන සමාජිකයන්ගේ පවුල්වල සාමාජිකයන්ද මේ අතර සිටින බවට ආරක්ෂක අංශ සැක පහළ කරයි.

අදාල පිපිරීම්වලින් ආරක්ෂක අංශ සාමාජිකයන්ට වු හානි මෙතෙක් නිල වශයෙන් ප්‍රකාශයට පත්වී නැත.