නවතම පුවත්

සාර්ථකව කොවිඩ් පාලනය කර ඇත්තේ , දැඩි සංචරණ සීමා පැනවූ රටවල් බව ,පර්යේෂණයකින් හෙළිවේ! !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

කොවිඩ් පාලනය කිරිම සඳහා දැඩි සංචරණ සීමා හා නීති රීති , ක්‍රියාත්මක කල  රටවල් බොහොමයක් ආර්ථික , සමාජයීය වශයෙන් සාපේක්‍ෂව  වැඩි සාර්ථකත්වයක් අත්පත් කරගැනීමට   සමත්ව  ඇති බව  බව ඔක්ස්ෆර්ඩ් සරසවියේ ආර්ථික විශේෂඥයින් කණ්ඩායමක් සිදුකල නවතම පර්යේෂණයකින් අනාවරණය වී ඇත

අදාළ ආර්ථික විශේෂඥයින් කණ්ඩායම තම පර්යේෂණය සම්භන්ධව ජාත්‍යන්තර   ලාන්සට් විද්‍යා සඟරාවේ පළකර ඇති  ලිපියේ  සඳහන් වන්නේ  “ශුන්‍ය කොවිඩ්” ප්‍රතිපත්තිය මත කටයුතු කළ රටවල් තම පුරවැසියන් වෛරසයෙන් ආරක්ෂා කර ගැනීමට වඩාත් හොදින් සමත්කම් දක්වා ඇති බවත් ඒ හරහා රටේ ආර්ථිකයද  යලි ශක්තිමත් කරගැනීමට සමත්ව ඇති බවයි

” වසංගතය ආරම්භයේදීම නවසිලන්තය සහ ඕස්ට්‍රේලියාව වැනි රටවල් විසින් දැඩි ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් රට අගුලු දැමීමට සහ කොරෝනා වෛරසය රට තුලට ඇතුල්වීම වැළැක්වීම සඳහා සිය දේශසීමා වසා දැමු බවත් . එමෙන්ම රට තුල සිටින ආසාදිතයින් හඹා යමින් ඔවුන්ගේ ආශ්‍රිතයින් සොයා නිරෝධායනයට යොමු කිරීමට පියවර ගනු ලැබු බවත් එම ලිපියේ දැක්වේ

එම රටවල් දෙක විසින් අනුගමනය කළ මෙම ක්‍රමවේදය ඉතා සාර්ථක වූ අතර ඔවුන් අනෙක් රට වලට සාපේක්ෂව මාස කිහිපයකට පෙර සාමාන්‍ය දිවි පෙවතක් ගත කිරිම ආරම්භ කරනු ලැබු බවත් මිලියන 30 ක ජනතාවක් අතරින් කොවිඩ් ආසාදිතයින් 32,000ක් සහ මරණ 936ක් පමණක් වාර්තා වූ බවත්  එම ලිපියේ දැ.ක්වේ

මෙම ක්‍රමවේදයෙන් බැහැරව වෛරසය පාලනය කිරිමට උත්සාහ දැරූ රටවලට ඉන් මිදීමට නොහැකි වූ අතරම සාපේක්ෂව වැඩි මරණ සංඛ්‍යාවක් ද වාර්තා වූ බව එම ලිපියෙන් පෙන්වා දෙ.

මෙම පර්යේෂණය සිදුකළ අට දෙනෙකුගෙන් යුත් කණ්ඩායමේ ප්‍රධානි ඔක්ස්ෆර්ඩ් සරසවියේ ආර්ථික විශේෂඥයෙක් වන මහාචාර්ය බැරී ප්‍රඩෙල්ස්කී කියා සිටින්නේ  රට තුල වෛරස ව්‍යාප්තියට එරෙහිව පුර්ව වශයෙන් ක්‍රියා කළ රටවල්, සෙසු  රටවලට සාපේක්ෂව සෑමවිටම පියවරක් ඉදිරියෙන් සිටී බවයි .

මෙම පර්යේෂණ කමිටුව විසින් යුරෝපය ඇතුළු ලොව රටවල් 37ක කොවිඩ් පාලනය සම්බන්ධයෙන් අධ්‍යනය කර තිබු අතර ඔස්ට්‍රේලියාව, අයිස්ලන්තය, ජපානය, නවසීලන්තය සහ දකුණු කොරියාව යන රටවල් වෛරසයෙන් තම රටවල් සම්පුර්ණයෙන් නිදහස්කර ගැනීම උදෙසා දැඩි ක්‍රියා මාර්ගවලට යොමු වූ බවද  පෙන්වා දී ඇත

මෙම රටවල දළ දේශීය ආර්ථිකයද මේ වන විට කොවිඩ් වසංගතය ආරම්භයට පෙර පැවති මට්ටමට ලඟා වෙමින් ඇති බවත් ඉන් ආර්ථික වාසීද අත්කර ගැනීමට සමත්ව තිබෙන බවත්  එම ලිපියෙන් පෙන්වා දී තිබෙ

.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි