නවතම පුවත්

බසවක්කුලම වැව හෙවත් අභය වැව ලෝක උරුමයක් කෙරේ

අසංක

අසංක

මෙරට ඉදිවූ පළමු වැව ලෙස සැලකෙන අනුරාධපුරයේ පිහිටි අභය වැව හෙවත් බසවක්කුලම වැව ලෝක උරුමයක් ලෙස නම් කිරීමට යුනෙස්කෝ සංවිධානය තීරණය කර තිබේ.

ක්‍රි.ව 437-367 අතර කාලයේ පණ්ඩුකාභය රජු විසින් අභය වැව ඉදිකරන ලදී.

ඊට පෙර ඉදිවූ වැව් පිළිබඳ වෙනත් රටවලින් වාර්තා වී නැතැයි ශ්‍රී ලංකා යුනෙස්කෝ කාර්යාලය පවසයි.

ලෝක උරුමයක් බවට පත් කිරීම සඳහා සුදුසුකම් දහයක් සම්පූර්ණ කළ යුතු වේ.

ඒ අතුරින් එකක් හෝ සම්පූර්ණ කර තිබිය යුතු වන අතර අභය වැව ඉන් සුදුසුකම් හතරක් සපුරා ඇත.

අනුරාධපුරයේ පූජා නගරයේ මහ මෙව්නා උයනේ මෙය පිහිටා ඇත්තේ රුවන්වැලිසෑය හා ශ්‍රී මහා බෝධීන් වහන්සේට පෙනෙන මානයේ වීම එහි එක් පසෙකින් දැනගත හැකි දර්ශනය අති රමණීය ය.

වැවේ ප්‍රමාණය වර්ග සැතපුම් 3.8 කි. වැවේ උපරිම ජල ධාරිතාවය අක්කර අඩි 1900කි.

වැවේ සාමාන්‍ය ගැඹුර අඩි 15ක් පමණ වේ. අඩි 3900 ක් පමණ දිග බැම්මකින් සමන්විත මෙම වැවට ඇත්තේ එක් සොරොව්වක් පමණි.

විවර 9 යකින් හා අඩි 100ක් පමණ දිගකින් යුතු වානක් සහිත ය.

මෙම වැව කුඹුරු අක්කර 390 කට පමණ වී වගාව සදහා ජලය සපයයි.

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්