සාලින්දගෙන් හිස්වූ මන්ත්‍රීකමට හේරත් නම් කළ ගැසට් නිවේදනය නිකුත් වෙයි

Picture of අසංක

අසංක

කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අභාවප්‍රාප්ත සාලින්ද දිසානායක මහතාගෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය සඳහා ඩී.බී. හේරත් මහතා පත්කිරීමේ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

අංක 2140/01 දරණ අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් මෙය ප්‍රකාශයට පත් කර ඇත.

මෙම මන්ත්‍රී ධුරය වෙනුවෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වූ ශාන්ත බණ්ඩාර මහතාට මෙම අවස්ථාව අහිමිවීම නිසා ඔහුට යළිත් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය ලබාගත් හැකි වනු ඇති බවට දේශපාලන ආරංචි මාර්ග පැවැසීය.