සා/පෙළ හා උ/පෙළ පංති ලබන සතියේ සිට ඇරඹේ ?

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

අපොස සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ පන්ති ලබන සතියේ සිට ආරම්භ කළ හැකි බව සෞඛ්‍ය බලධාරීන්, අධ්‍යාපන බලධාරීන්ට දැනුම්දී ඇත . සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා මාධ්‍ය වෙත  පැවසුවේ සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ පන්ති ආරම්භය සඳහා සෞඛ්‍ය මාර්ගෝපදේශ නිකුත් කර ඇති බවය.

කෙසේවෙතත් පන්ති ආරම්භ කරන දිනය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් තීරණය කරනු ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් කියා සිටියේය

මේ අතර බස්නාහිර පළාතේ ප්‍රාථමික පාසැල්වලට අද දිනයේ සිසුන්ගෙන් සියයට 65 යි දශම 4 ක් පැමිණ තිබේ . විදුහල්පතිවරුන්ගේ පැමිණීම සියයට 92 යි දශම 7 ක්. ගුරුවරුන්ගේ පැමිණීම පැවතියේ සියයට 89 ක මට්ටමකය.