සැබෑ අවදානම ගැන රටට කියන්න – මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න


කොවිඩ් – 19 වෛරසය පාලනයකින් තොරව රටපුරා පැතිර යමින් පවතින බවත් ඒ අනුව සැබෑ  අවදානම ජනතාවට  අවබෝධ කරදී රෝග ව්‍යාප්තිය වැළැක්වීම සඳහා ජනතා සහාය ලබාගත යුතු බවත් ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

මේ පිළිබඳව මාධ්‍ය වෙත අදහස් දැක්වූ එම සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා මෙසේද පැවසීය

“මේ රෝගීන් දිස්ත්‍රික්ක 25ම නියෝජනය කරමින් වාර්තා වෙනවා. මේ දත්ත විශ්ලේෂණය කරලා බලලා සෞඛ්‍ය බලධාරීන් තවදුරටත් රටට සමාජගත වෙලා නෑ කියන වචන හරඹයක නොයෙදෙමින් මහජනතාවට සැබෑ තත්වය අවබෝධ කරවලා දැනට රටේ පවතින අවදානම, කොවිඩ් 19 පාලනයකින් තොරව රටපුරා පැතිර යන ආකාරය පිළිබඳව සත්‍ය තොරතුරු මහජනතාවට ප්‍රකාශ කරලා, මේක වළක්වාගන්න සහයෝගය ලබාගැනීම තමයි යුතුකම කියලා අපි සලකන්නෙ. ආසාදිත රෝග ලක්ෂණ නැති පුද්ගලයින් තවදුරටත් ප්‍රතිකාර මධ්‍යස්ථාන කරා ගෙනිහිල්ලා ඒ පවුල් අපහසුතාවයට පත්නොකර, ඔවුන් නිවෙස් තුළ නිරෝධායනය කිරීම සඳහා අවශ්‍ය පහසුකම් සහ ප්‍රතිපත්තිමය තීරණ ගන්න කියලාත් අපි ඉල්ලා සිටිනවා”