පැතුම් වික්‍රමරත්න
තනි භාවිතය හා කෙටිකාලීන භාවිත ප්ලාස්ටික් තහනම ලබන මාර්තු මස 31වනදා සිට තහනම් කිරීමට තීරණය කර ඇත.
ජාතික පාරිසරික පනතින් පරිසර අමාත්‍ය මහින්ද අමරවීරට පැවරී ඇති බලතල අනුව නිකුත් කළ ප්ලාස්ටික් නියාමනයට අදාළ ගැසට් පත්‍ර දෙකකට අනුව මෙම තහනම ක්‍රියාත්මක වේ.
ඒ අනුව, යම් ක්‍රියාවලියක්, වෙළෙඳාමක් හෝ කර්මාන්තයක් සඳහා භාවිත කරන කෘෂි රසායන ද්‍රව්‍ය ඇසුරුම් කිරීම සඳහා පොලිඑතිලීන් ටෙරප්තැලේට් හෙවත් PET හෝ පොලිවයිනයිල් ක්ලෝරයිඩ් හෙවත් PVC ද්‍රව්‍ය සඳහා එම තහනම ක්‍රියාත්මක කර ඇත .
එමෙන්ම ආහාර සහ ඖෂධ ඇසුරුම් කිරීමට භාවිත කිරීම සඳහා හැර, ශුද්ධ පරිමාව මිලි ලීටර් 20ට හෝ ශුද්ධ බර ග්‍රෑම් 20ට සමාන හෝ ඊට අඩු සැෂේ පැකට් තහනම් කරනු ඇති. බැලුන්, බෝල, දිය මත පාවෙන හා පිහිනුම් තටාකවලදී භාවිත කරන සෙල්ලම් බඩු සහ ජල ක්‍රීඩා උපකරණ හැර, හුළංවලින් පිරවිය හැකි සෙල්ලම් බඩු ද තහනම් කර තිබෙ.
වෛද්‍ය හා සායනික ප්‍රතිකාර සඳහා භාවිත කරන ප්ලාස්ටික් කොට්න් බඩ්ස් හැර ප්ලාස්ටික් කූර සහිත කෝට්න් බඩ්ස් භාවිත කිරීම තහනම් වනු ඇත..
මේ අතර එක් එක් ප්ලාස්ටික් වර්ගය හඳුනාගැනීම සඳහා යෙදිය යුතු ජාත්‍යන්තරව භාවිත කරන සංකේත ක්‍රමයක් ද හඳුන්වා දී ඇති බවයි මධ්‍යම අධිකාරිය පැවසුවේ..