පැතුම් වික්‍රමරත්න
සිංගප්පූරු-ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම යළි සංශෝධනය කිරීමට රජය සූදානම් වේ.
ඒ අනුව ලැබී ඇති සියලූ යෝජනා සැලකිල්ලට ගනිමින් ලබන මැයි මාසයේදී අදාළ සංශෝධන සිදු කළ හැකි බව අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා සඳහන් කර සිටී.
එම සංශෝධන ක්‍රියාත්මක කිරීම සඳහා කමිටුවක් පත් කර ඇති බවද අමාත්‍යවරයා මාධ්‍ය වෙත සඳහන් කළේය.