සිතාසි කතාව කෙබරයක් වෙලා, ගෝඨා ඉන්නේ වෙන ප්‍රාන්තයක

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට අමෙරිකානු අධිකරණයක් හමුවේ ගොනු කර ඇති බව කියන නඩුවලට අදාල සිතාසි ඒ මහතා වෙත භාරදෙන ආකාරය දැක්වෙන ඡායාරූපයක් සමාජ මාධ්‍ය වෙත මුදා හැර තිබේ. මේ වන විට ඒවා රට තුල මහත් ආන්දෝලනයක් සිදුකර ඇත.

ප්‍රිමියර් ගෲප් ඉන්ටර්නැෂනල් නමැති රාජ්‍ය නොවන සංවිධානය විසින් ඔවුන්ගේ ට්විටර් අඩවියක පල කර ඇති අදාල ඡායාරූපයෙන් වෙළඳ සංකීර්ණයක රථ ගාලකදී කාන්තාවක් විසින් එම ලේඛන ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාරදෙන අයුරු පෙන්නුම් කෙරෙයි.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රකාශකයෙකු සහදන් කලේ ඒ මහතා මේ වන විට රැදි සිටින්නේ වෙනත් ප්‍රාන්තයක බවයි.