සින්දුගේ සිංදු – ඔබ එන්න හිතට ඉඩ තියේ මගේ

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ඔබ එන්න හිතට ඉඩ තියේ මගේ

මල් විලට කිරි ඕලු මලක් වගේ

පෙර සසර පුරුද්දට වගේ දැනේ

නුඹ හිනාවුණා අද උදෑසනේ

නුඹ නොකී කතා නෙතු ඇත සඟවා

හැම බැල්මකින්ම සෙනෙහස කීවා

හැම විරාමයක නව පණ නංවා

මට හිනාවෙන් අවසර දුන්නා

අතැඟිලි ගැටුණා මතකයි රහසේ

නව හීන ගොඩක් එක විට

පොකුරේ ඔබ ඇවිදින් නව හිමිදිරිය වගේ

මේ හින වලට පණ දෙන්න මගේ


ගැයුම කීර්ති පැස්කුවල්
පද රචනය වරුණ නාපාගොඩ සංගීතය දර්ශන වික්‍රමතුංග


ආදරය පිළිබද විවිධ විග්‍රහයන් දක්නට ලැබේ.විශ්වාසය මත පදනම් වූ කොන්දේසි විරහිත පරිත්‍යාගයක් මා වඩාත් ප්‍රිය කරන අර්ථකථනයයි. මේ ගීතය අත්දැකීම් කීපයක එකතුවකි. ඒ අතරිනුත් වඩා සමීපතම අත්දැකීම චිංගීස් අයිත්මාතව්ගේ ගුරු ගීතයයි. දුයිෂෙන් යනු අයිලය පාසලක් කොට නුතන අධ්‍යාපනයට පරමාදර්ශ සැපයූ වන්දනීය චරිතයකි. ඔහු අල්තීනායිට අසීමිතව ආදරය කළේය. ඔහුගේ හිත පුරාවට තිබුණේ ඒ පුංචි කෙල්ලගේ හීන වලට පණ දෙන්නෙ කෙසේද යන්නයි. “ඔබ එන්න හිතට ඉඩ තියේ මගේ මල් විලට කිරි ඕලු මලක් වගේ පෙර සසර පුරුද්දට වගේ දැනේ නුඹ හිනාවුණා අද උදෑසනේ” ආදරය හිතේ පිරුණු විට අන් කිසිවකට ඉඩක් නැත. ආදරය තුළ ගෞරවය තිබිය යුතුය. එම ගෞරවයට හොඳම ඉඩ නිර්මාණය කළ හැක්කේ හිත තුළ පමණි. හැබෑ ආදරවන්තයෙකුගේ හිත ඒ තරම් ඉඩය. නුතන ආදරය බොහෝවිට අවන්හල් කාමරයක හෝ තනායමක ආරම්භ වී තනායමක කෙළවර විය හැකිය. කිරි ඕලු යනු කුඩා මලකි. අල්තිනායිගේ යනු පුංචි කෙල්ලකි. ඈ තුළ වු පාරිශුද්ධ භාවය මොනතරම් ද. ඈ දුයිෂෙන්ගේ ලෝකය තුළට ඇතුලු වූයේ නිරායාසයෙනි. සසර පුරුද්ද යනු පෙරදිග ආධ්‍යාත්මික සංකල්පයකි. එවැනිම පෙර හුරු පුරුදු බව පිළිබද සංකල්පයක් රුසියානු විශ්වාස තුළද දක්නට ලැබේ.
අයිලයේ අල්තිනායි ඇවිද යන වාරයක් පසා දුයිෂෙන් ඇගේ අනාගතය ගැන හීන මැවුවේය. ඇගේ ජීවිතයට උදාන වාක්‍ය වූයේ ඔහුය. ආදරය පිරුණු ඇගේ ඇස් ඔහුට නිතර ආමන්ත්‍රණය කළාය.අල්තීනායි පාසල ගිය දවසක. ඇගේ නැද්දාගේ රළු ආමන්ත්‍රණයට ඇය ගොදුරු වුවාය. නැද්දා කොතරම් රළු වූවාද නැද්දා ඈට ආමන්ත්‍රණය කළේ “කළු බැල්ලී” යනුවෙනි. අධ්‍යාපනය විශ්වාස කළ ඈ ඒ වෙනුවෙන් කඳුළු සැලුවාය. කළු තමා ලෝකෙ ලස්සනම පාට. ඈ නොකී කතාව කීවේ ඒ දීප්තිමත් නිල්වන් ඇස් දෙකිනි. දුයිෂෙන්ට සියල්ල අතහැර දමා යන්නට තිබුණි. එහෙත් ඒ කතා කළ ඇස් අසරණ කිරීම ඔහු අකමැති වූවේය. ඔහු ට ලැබුණු දුෂ්කරතා සියල්ල විදදරා ගත්තේ අල්තීනායි ගේ නොකී කතා කී ඇස් වලිනි
“නුඹ නොකී කතා නෙතු යට සඟවා හැම බැල්මකින්ම සෙනෙහස කීවා හැම විරාමයක නව පණ නංවා මට හිනා වෙන්න අවසර දුන්නා
“දුයිෂෙන් පැමිණ ඉගැන්වීමට දරුවන් වෙීමට ගෙන් ගෙට ගියේය.එදා දුයිෂෙන් ගේ හිනාවෙන් අල්තිනායිගේ හදවත විකසිත විය. දුයිෂෙන් හීන පොකුරක් තිබුණි. ඒ හීන වලට පණ දෙන්නට අල්තීනායිට හැකිවිය. එනිසාම දුයිෂෙන් කෞතුක වස්තුවක් ලෙස අල්තීනායි ගේ හදවතේ ගැඹුරුම තැන තැන්පත් විය. දුයිෂෙන්ගේ හිත මල්විලක් කළ අල්තීනායි මුණ ගැසීම නාවේ ඇයිද? එය දුයිෂෙන් ගේ අසීමිත ආදරයයි. හැම උදෑසනකම පාසලට ඇවිදින් අය දුයිෂෙන්ගේ හීන වලට පණ දෙන ලදී. පණ ලැබූ හීන කිසිදා මිය යන්නේ නැත. අල්තීනායිගේ ආදරණීය මතක සමග ඔහු තනි වූවේය. “අතැඟිලි ගැටුණා මතකයි රහසේ නව හීන ගොඩක් එක විට පොකුරේ ඔබ ඇවිදින් නව හිමිදිරිය වගේ මේ හීන වලට පණ දෙන්න මගේ” යහපත් නිර්මාණයක් ඇසුරු කළ විට ඒ යහපත් දේ අපගේ ශරීරය තුළ තැන්පත් වී නොසිතූ මොහොතක ක්‍රියාත්මක වීමට පටන් ගන්නේ නොදැනීමය. ගුරුගීතය ඇසුරු කළ නුතන ගුරුවරයෙකු තුළද දුයිෂෙන්ගේ සේයාවක් තිබිය හැකිය. ඒ සේයාවේ පසෙකින් අල්තීනායිලාද ජීවත් විය හැකිය.

ඉඳුනිල් සින්දු