නවතම පුවත්

සිපෙට්කෝ ඉන්ධන මිල ඉහළ දාන්නේ නෑ

අසංක

අසංක

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ඉහළ යාමත් ඩොලරයේ අගය ඉහළ යාමත් ආදී කරුණ ගණනාවක් හේතුවෙන් රට තුළ ඉතා දුෂ්කර තත්ත්වයක් මතුව ඇතත් සිපෙට්කෝ තෙල් මිල වැඩිකිරීමට අදහසක් නොමැති බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිළ මහතා පවසයි.

මතුව ඇති දුෂ්කර තත්ත්වය හැකිතාක් ජනතාවට නොදීමට රජය උත්සාහ කරන බව අමාත්‍යවරයා කියාසිටියේ ලංකා අයිඕසී ඉන්ධන මිල ඉහළ දැමීම හේතුවෙන් ලංකා ඛනිජ තෙල් සංස්ථාවද ඉන්ධන මිල ඉහළ දැමීම පිළිබඳ අදහස් දක්වමිනි.

“ලංකා අයිඕසී සමාගම ඉතිහාසය පුරා ම තමන්ගේ ඉන්ධන මිල තමන් විසින් තීරණය කරපු සමාගමක්. ඔවුන් බොහෝ විට බොහෝ විට තෙල් සංස්ථාවේ මිලටම ඉන්ධන විකුනන්නෙ විකුනන්නෙ නැතිනම් ඔවුන්ට කිසිම පාරිභෝගිකයෙක් ඉන්නෙ නෑ ඔක්කොම යන්නේ තෙල් සංස්ථාවට. ඔවුන් විසින් වැඩි මිලක් තීරණය කිරීමෙන් සිදු කරලා තියෙන්නේ ඔවුන්ට එන පාරිභෝගිකයෝ ටිකත් තෙල් සංස්ථාවට යොමු කිරීම. මෙතෙක් දවස් ඔවුන් දැරූ අලාභය, ඒ කියන්නේ මේ අය දිගටම කිව්වා අපිට පෙට්‍රල් ලීටරයකින් රුපියල් හයක් ඩීසල් ලීටරයකින් රුපියල් 35 ක් පාඩුයි කියල. මේ පාඩුව දැන් ඔවුන්ගේ පාරිභෝගිකයන්ගේ පාඩුවත් තෙල් සංස්ථාවට දරන්න වෙනවා මොකද ඔවුන් මිළ වැඩි කිරීමත් සමග ඔවුන්ගෙන් ඉන්ධන ගත්ත පිරිසක් දැන් තෙල් සංස්ථාවෙන් ඉන්ධන පිරවුම්හල් කරා යොමුවෙනවා.”

“සිපෙට්කෝ එක තෙල් මිල වැඩි කිරීමේ අදහසක් නෑ. ඒත් අපි පිළිගන්න ඕන ලෝක වෙළදපොලේ දිගින් දිගටම තෙල් මිල වැඩි වීමත් සමග වසර 8 ක ඉතිහාසයේ තිබුණු වැඩිම ඉන්ධන මිල දැන් තියෙන්නේ. එක පැත්තකින් වසර අටක් පුරාවටම තියෙන වැඩිම ඉන්ධන මිල අනෙක් පැත්තෙන් මීට කලින් මේ මිලට බොරතෙල් මිල ඉහළ ගිය අවස්ථාවල ඩොලරය තිබුණේ මීට වඩා හුඟක් අඩුවෙන්. ඩොලරය තිබුණේ රුපියල් සීයට වගේ. ඒ නිසා මේ ඩොලරය වැඩිවීමයි ලෝක වෙළඳපොලේ තෙල් මිල වැඩි වීමයි දෙකම නිසා අපි අතිශයින්ම දුෂ්කර තැනක ඉන්නේ. අපි පුළුවන් තරම් දුරට මේ පාඩුව ජනතාවට ලබා නොදෙන්න උත්සාහ කරනවා.” යැයි ද බලශක්ති ඇමතිවරයා කීය.

Chinese-tourists
යුද්ධයෙන් පසු මෙරට වැඩිම සංචාරක පැමිණී‍මේ වාර්තාව අභියස
image-17
සණස නිර්මාතෘ ආචාර්ය පී. ඒ. කිරිවන්දෙණියගේ ප්‍රධානත්වයෙන් ‘ජාත්‍යන්තර සමුපකාර දිනය’ සැමරෙයි!
interest rates 2024
පොලී අනුපාතවල වෙනසක්
image-16
ශ්‍රී ලාංකිකයින්ට පෝලන්තයේ රැකියා වරම්
Exports Increasing Meaning Business Graph And Financial
අපනයන ආදායම ඩොලර් බිලියනය පනී !
image-15
"නිල් තිර මරණය" (Blue Screen Death) ගැන සම්පූර්ණ විස්තරය මෙන්න !
WhatsApp-Image-2024-07-18-at-15.49
බැඩ්මින්ටන් පුහුණුවට මෙරටට එන්න එතෙරින් ඉල්ලුමක්….
image-14
ආණ්ඩුව ගැන ජනතා අනුමැතිය තුන්ගුණයකින් ඉහළට!
image-13
මහ බැංකුව ඩොලර් විකුණයි !
electricity
විදුලි ගාස්තු අඩුවෙයි