සිපෙට්කෝ – LIOC පෙට්‍රල් මිල ඉහළට

Picture of අසංක

අසංක

අද(01) මධ්‍යම රාත්‍රියේ ක්‍රියාත්මක වන පරිදි සිපෙට්කෝ ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 30කින් ඉහළ දමා ඇත.

ඒ අනුව නව පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 400ක් දක්වා ඉහළ ගොස් තිබේ.

අනෙකුත් ඉන්ධනවල මිල ගණන් වෙනස්වීමකට ලක්නොවන බව ඛණිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කරයි.

මේ අතර ලංකා IOC සමාගමද අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 30 කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 400 කි.