Update 2020.11.02 07.00 pm
මෙම මරණය සියදිවි නසා ගැනීමෙන් සිදුවූවක් බැවින් මෙය කොවිඩ් හේතුවෙන් මියගිය ලැයිස්තුවට ඇතුළත් නොකිරීමට රජය තීරණය කර ඇත.
මේ අනුව මෙරට සිදුවූ කොවිඩ් මරණ ගණන 21ක් වේ.
———-
ගෙල වැලලාගෙන සියදිවි නසාගෙන මියගිය පුද්ගලයෙකුට පශ්චාත් මරණ පරීක්ෂණයේදී covid-19 වෛරසය ද ආසාදිත වී ඇතැයි තහවුරු වී තිබේ.
ඒ අනුව මෙම මරණය මෙරට 22 කොවිඩ් මරණය ලෙස රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වාර්තා කර ඇත.
මෙලෙස සිය දිවි නසාගෙන ඇත්තේ විසිහත් හැවිරිදි පානදුර පදිංචිකරුවෙකි.