දිවයිනේ සියලු පාසල් මැයි හත් වැනි දා දක්වා තව දුරටත් වසා තැබීමට රජය තීරණය කර ඇත
කොරෝනා වෛරසය ඉතා සීඝ්රයෙන් ව්‍යාප්තවීම සැලකිල්ලට ගනිමින් රජය මෙම තීරණය ගෙන ඇත
සෞඛ්‍ය බලධාරීන් සමග අද පෙරවරුවේ පැවැති සාකච්ඡාවකින් පසු මෙම තීරණය ගත් බව අධ්‍යාපන අමාත්‍ය ජී එල් පීරිස් මහතා කියා සිටියේය.
ඒ අනුව රජයේ පාසල්,කතෝලික පාසල්, පෞද්ගලික පන්ති, පිරිවෙන් ඇතුළු අධ්‍යාපන ආයතන මෙසේ වසා තැබෙනු ඇත.