මෙහි දැක්වෙන්නේ නීතිවිරෝධී කටයුතු සදහා භාවිත කරනු ලබන ඩ්‍රෝන් ගොදුරු කොට විනාශ කරන පුහුණු කරන ලද රාජාලියෙකි.
කූඤ්ඤයක හැඩයෙන් යුත් වලිගයක් ඇති මෙම රාජාලියා මෙලෙසටම ඩ්‍රෝන් ගණනාවක් ගොදුරු කොට විනාශ කළ දක්ෂයෙකි.
ඡයාරූපයේ දැක්වෙන්නේ බටහිර ඕස්ටේ්රලියාවේ රන් ආකර පිහිටි ප්‍රදේශයක මැනුම් සමීක්ෂණ ස
දහා යොදවා ඇති ඩ්‍රෝන් යානාවකි. එම ඩ්‍රෝන් යානා යොදන ලද්දේ ලොව 7 වැනි විශාලතම රන් නිෂ්පාදකයා වන දකුණු අප්‍රිකානු රන් කැණීම් සමාගමයි.
මෙම රන් ආකර ප්‍රදේශය අයත් වන්නේ ද එම සමාගමටයි. කෙසේනමුත් 2016 වසර වනවිට මෙම සමාගම විසින් මෙලෙස යොදවන ලද රන් මැනුම් සමීක්ෂණ ඩ්‍රෝන් 9ක් මෙම පුහුණු කරන ලද රාජාලියා විසින් ගොදුරු කොට විනාශ කර දමා තිබුණි.
මේ හේතුවෙන් ඉහත රන් නිෂ්පාදන සමාගමට සිදුවූ පාඩුව ඩොලර් 10,00,000කට අධික ය. නෙදර්ලන්ත පොලීසිය මෙම රාජාලීන් පුහුණුව ඇරඹූ අතර මේ වනවිට එය ව්‍යාප්ත වී තිබේ.
මෙම ඡුායාරූපය 2016 වසරේදී ගන්නා ලද ඡයාරූපයක් වන අතර මෙය යළිත් මේ දිනවල සමාජ මාධ්‍ය හරහා අතිමහත් ප්රසිද්ධියකට ලක්ව ඇත්තේ ‘සොබාදහමට පරාජය වන තාක්ෂණය’ යන ප්‍රබල පණිවුඩයකින් ද යුතුවයි.
ප්‍රබෝධා හෙට්ටිආරච්චි