සියලුම විශ්වවිද්‍යාලවල අධ්‍යයන කටයුතු හෙට (17) සිට සාමාන්‍ය පරිදි ආරම්භ කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සදහන් කරනවා.
විශ්වවිද්‍යාල ආරම්භ වීමෙන් අනතුරුව ද සෞඛ්‍ය මාර්ගෝපදේශන අනුව කටයුතු කළ යුතු බව ද සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
පසුගිය ජූලි මස 15 වන දින සිට වෛද්‍ය පීඨවල 3 වන වසරේ විභාග ක්‍රමනුකූලව පැවැත් වු බව කී සභාපතිවරයා කොරෝනා වසංගත තත්ත්වය හමුවේ අන්තර් ජාලය හරහා පැවැත් වු අධ්‍යයන කටයුතුවල සාර්ථකත්වයක් පෙන්නුම් කර ඇතැයි ද සදහන් කර සිටියා.
මෙතෙක් නේවාසිකාරවල එක් කාමරයක එක් සිසුවෙක් පමණක් සිටි නමුත්, අධ්‍යයන කටයුතු ආරම්භ වීමෙන් පසුව සාමාන්‍ය පරිදි නේවාසිකාගාරවල නවාතැන් පහසුකම් සලසා දෙන බව ද ඔහු කියා සිටියේය.