සියෝන් ‌දෙවස්ථානයේ ‌බෝම්බකරුගේ හිස ‌ගොඩගනී – යළිත් ‌මෝචරියට

Picture of අසංක

අසංක

මඩකළපුව කල්ලියන්කාඩු සුසාන භූමියේ භූමදාන කර තිබූ මඩකළපුව සියෝන් දේවස්ථානයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කළ ත්‍රස්තවාදියාගේ හිස සහ සිරුරු කොටස් අද ගොඩගෙන තිබේ.

ඒ අධිකරණ නියෝගයකට අනුව මඩකළපුව අධිකරණ වෛද්‍ය නිලධාරිනිය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් ඉදිරියේදීයි.

මේ වනවිට ඒම සිරුරු කොටස් මඩකළපුව රෝහලේ මෘත ශරීරාගාරයේ පොලිස් ආරක්ෂාව යටතේ තබා ඇත.

ඉදිරියේදී මේවා මඩකළපුව දිස්ත්‍රික් ලේකම්වරයා විසින් විසින් දැනුම් දෙනු ලබන ස්ථානයක භූමදාන කිරීමට නියමිතව ඇත.

ත්‍රස්තවාදියාගේ සිරුරු කොටස් කල්ලියන්කාඩු සුසාන භූමියේ භූමදාන කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී වියාලේන්ද්‍රන් මහතා සහ පළාත් සභා මන්ත්‍රීවරුන් කිහිපදෙනකු ද ඇතුළු ප්‍රදේශවාසීන් විසින් මඩකළපුව නගරයේ කිහිපයක උද්ඝෝෂණ පැවැත්වූ අතර එහිදී විරෝධතාකරුවන් මාර්ග අවහිර කිරීම නිසා උණුසුම් තතත්වයක් ද ඇතිවිය.

ඉන්පසුව මෙම සිරුරු කොටස් ගොඩගෙන දිස්ත්‍රික් ලේකම්වරයා විසින් හදුනාගන්නා නිශ්චිත ස්ථානයක වළදමන ලෙස මඩකළපුව මහේස්ත්‍රාත් අධිකරණය තීන්දුවක් දුන් අතර ජනයාට අවහිර වන පරිදි උද්ඝෝෂණ පැවැත්වීම හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ඇතුළු සිව්දෙනකු අත්අඩංගුවට ද ගැනිණ.