එයාර්ෆ්ලොට් ගුවන් සමාගම ශ්‍රී ලංකාවට සිදුකරන ගුවන් ගමන් නැවැත්වීම හරහා මෙරටට ආර්ථික බලපෑමක් සිදුව ඇති බව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසනවා. එය යථාතත්ත්වයට පත් කිරීම සඳහා අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ.
මතභේදයට තුඩු දුන් එරෝෆ්ලොට් ගුවන් යානය රඳවා ගැනීම සම්බන්ධයෙන් සිවිල් ගුවන් සේවා අධිකාරිය කිසිඳු වරදක් සිදුකර නොමැති බවයි අමාත්‍යවරයා පැවසුවේ. කෙසේවෙතත් පියාසැරිය ආරම්භ කිරීම සඳහා එරෝෆ්ලොට් යානය මෙරට සිවිල් ගුවන් සේවා අධිකාරියෙන් ඉල්ලීමක් කළේ නම් ඒ සඳහා අවසර ලබාදීමට හැකියාව තිබූ බව ද අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා වැඩිදුරටත් සඳහන් කළා.