අමෙරිකාව තුළ ද ඔමික්‍රෝන් ප්‍රභේදය සීග්‍රයෙන් ව්‍යාප්ත වනු ඇතැයි ජනාධිපති ජෝ බයිඩ්න් අනතුරු අඟවයි . ඒ අනුව තවමත් එන්නත්කරණයට ලක් නොවූ පුද්ගලයින් සීත ඍතුව තුලදී රෝගවලට ලක්වීම හා මියයාම ඉහළ යනු ඇතැයි අමෙරිකානු ජනාධිපතිවරයා සඳහන් කර ඇත
එබැවින් හැකි ඉක්මනින් බූස්ටර් මාත්‍රාව ලබා ගන්නා ලෙසයි අමෙරිකානු ජනාධිපතිවරයා එරට වැසියන්ට දැනුම් දී ඇත්තේ. එන්නත්කරණයට ලක්වී ඇත්නම් රෝගවලින් මෙන්ම මරණයෙන් ද ආරක්ෂාවීමට අවස්ථාවක් ලැබෙනු ඇති බවයි ජනාධිපති බයිඩ්න් අවධාරණය කළේ.
මේවනවිට අමෙරිකාවේ ප්‍රාන්ත 36 කින් ඔමික්‍රෝන් ආසාදිතයින් වාර්තා වී ඇතැයි එරට රෝග පාලන මධ්‍යස්ථානය පවසයි ..