සීනී සඳහා තීරු බදු අඩුකිරීමෙන් ජනතාවට සහනයක් ලැබුනා – රාජ්‍ය අමාත්‍ය කබ්රාල්

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

සීනි සඳහා තීරු බදු අඩු කිරීමෙන් ජනතාවට  කිසිදු  වාසියක්   සිදු නොවූ බවට විපක්ෂය කරන ප්‍රකාශ ප්‍රතික්ශේප කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල්  මහතා අවධාරණය කර සිටී

රජය දැන් රුපියල් 50ක බද්දක් නැවත පැණවුවහොත් මිල එකම මට්ටමක පවතින්නේදැයිද  අජිත් නිවාඩ් කබ්රාල් මහතා ප්‍රශ්න  කර සිටින අතර  මාධ්‍ය වෙත අද  ඔහු කියා සිටියේ විපක්ෂය සීනි බදු සම්බන්ධයෙන් කරන ප්‍රකාශ අසත්‍ය බවයි.

ආනයනික සීනි සඳහා බදු අඩු කිරීම තුළින් රජයට කිසිදු පාඩුවක් සිදුව නොමැති බව මුදල් අමාත්‍යාංශයද ඊයේ සඳහන් කළේය

මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර් ආටිගල මහතා පෙන්වාදෙන්නේ සීනි සඳහා පනවා තිබූ ආනයනික බදු අඩු කිරීමේ වාසිය මේ වන විට ජනතාවට ලැබී ඇති බවය.