සීමා ඇතුව බස්නාහිර පළාතෙත් පාසල් ඇරෙයි

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පැතුම් වික්‍රමරත්න
බස්නාහිර පළාතේ පාසැල් වල 11 ශ්‍රේණිය පමණක් ලබන 25 දින සිට යලි ආරම්භ කිරීමට රජය සැලසුම් කර ඇත .
කෙසේ වෙතත් හුදෙකලා කොට ඇති ප්‍රදේශ හැර සෙසු ප්‍රදේශයන්හි පාසල් පමණක් මෙසේ විවෘත කෙරෙන බවද අධ්‍යාපන අමාත්‍ය ජී එල් පීරිස් මහතා මාධ්‍ය වෙත අද පැවසීය
ජී.එල්.පිරිස් මහතා මාධ්‍ය හමුවකට එක්වෙමින් වැඩිදුරටත් සඳහන් කර සිටියේ බස්නාහිර පළාතේ හුදෙකලා නොකර ඇති ප්‍රදේශවල පිහිටි පාසැල් වල 11 ශ්‍රේණියේ සිසු සිසුවියන් සඳහා වන පාසැල් කටයුතු මෙම මස 25 වෙනිදා සිට ආරම්භ කිරීමට දැනට සූදානම් කරමින් ඇති බවයි .