සීමා ලිහිල් කිරීම නිසා කොරෝනා වෛරසයේ නව රැල්ලක්

Picture of අසංක

අසංක

 

ලොව පුරා රටවල් රැසක් මේ වනවිට කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීමට පනවා ඇති නීති රීති හා සීමා ලිහිල් කිරීමට පියවර ගැනීම හේතුවෙන් ඉදිරියේදී මෙම කොරෝනා වෛරස ව්‍යාප්තියේ නව රැල්ලක් ඇතිවීමේ අවදානමක් මතුව ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා සිටී .

ඒ අනුව ‘“මෙය පවතින සීමාවන් ලිහිල් කිරීමට කාලය නොවේ.” යැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ බටහිර පැසිෆික් කලාපීය අධ්‍යක්‍ෂ වෛද්‍ය ටකේෂි කසායි මහතා මාධ්‍ය හරහා අවධාරණය කර ඇත

රාජ්‍ය්‍යන් රැසක් මේ වන විට සිය රාජ්‍ය්‍යන් හී ආර්ථික සහ දේශපාලනික අවශ්‍යතා වෙනුවෙන් පනවා තිබූ සීමාවන් ලිහිල් කිරීමට කටයුතු කරමින් සිටින බවත් , මෙය බරපතල ප්‍රතිඵල අත්කරදිය හැකි ක්‍රියාවලියක් බවත් ඒ මහතා පවසා ඇත..

සාමාන්‍ය පරිදි රාජ්‍ය්‍යන් හී කටයුතු සිදුවන්නට ඉඩ දී විවිද සැසුම් යළිත් ක්‍රියාත්මක කිරීමට පටන් ගැනීමත් සමග මෙතෙක් යම් තරමකට පාලනය වී ඇති රෝගී තත්ත්වය යළිත් පණ ගැන්වෙනු ඇති බව ඔහු පවසා ඇත
මිනිසුන් නිරෝගීව තබා ගැනීම සහ ආර්ථිකයන් ක්‍රියාත්මක වීමට ඉඩ දීම අතර නිවැරදි සමතුලිතතාවක් පවත්වා ගත යුතු බවත් ඔහු පවසා ඇත