හිටපු ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ සහභාගීත්වයෙන් එළඹෙන 29 වැනිදා දක්වා ඕමානයේ අල් අම්රට් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදි පැවැත්වෙන HOWZAT ලෙජෙන්ඩ්ස් 2022 ක්‍රිකට් තරඟාවලියේ නිල දේශීය රූපවාහිනී හා ඩිජිටල් මාධ්‍ය හිමිකාරීත්වය සුප්‍රීම් ටී වී(SUPREME TV ) නාලිකාවට ලැබී ඇත .
මෙම ප්‍රවීණයින්ගේ ලීග් ක්‍රිකට් තරගාවලිය (LEGENDS CRICKET LEAGUE 2022) සඳහා ක්‍රිකට් ප්‍රවීණයන්ගෙන් සැදුම් ලත් කණ්ඩායම් 3ක් එක් වන අතර ඒශියා ලයන්ස්, ඉන්ඩියා මහරාජාස්, වර්ල්ඩ් ජයන්ට්ස්, යනුවෙන් මෙම කණ්ඩායම් 3 නම් කොට තිබේ.
පසුගිය 20 දා සිට ආරම්භවූ මෙම තරඟාවලිය සඳහා ඉන්දියාව, පාකිස්තානය, ඕස්ට්‍රේලියාව, ශ්‍රී ලංකාව, බටහිර ඉන්දීය කොදෙව්, නවසීලන්තය සහ එංගලන්තය වැනි ප්‍රබල රටවල් නියෝජනය කරන ලද හිටපු ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයින් සහභාගිවේ .
ඒෂියා ලයන්ස් කණ්ඩායමට ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රවීණයන් 7 දෙනෙකු නම් කොට තිබෙන අතර , නුවන් කුලසේකර ද ඇතුළත්. සනත් ජයසූරිය, තිලකරත්න ඩිල්ෂාන්, මුත්තයියා මුරලිදරන්, චමින්ද වාස්, උපුල් තරංග හා රොමේෂ් කළුවිතාරණ යන හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩකයින් මෙලෙස එම කණ්ඩායම නියෝජනය කරයි .
ඒ අනුව සමස්ත ශ්‍රී ලංකා ක්‍රිකට් රසිකාගාරයේ සදාතනික ආදරය හා ගෞරවයට පාත්‍ර වූ මෙම සුපිරි ක්‍රිකට් තරු යළි පිටියේ පෙළහර පාන අයුරු සමස්ත ශ්‍රී ලංකා ජනතාව වෙත රූපවාහිනී තිරය ඔස්සේ මෙන්ම ඩිජිටල් මාධ්‍ය ඔස්සේ සමීප කරලීමේ කටයුත්ත සුප්‍රීම් ටීවී මාධ්‍ය ජාලය විසින් සිදුකරනු ඇත.
මෙම සමස්ත 2022 ප්‍රවීණයින්ගේ ලීග් ක්‍රිකට් (HOWZAT LEGENDS CRICKET LEAGUE 2022) තරගාවලියම සුපැහැදිලි දසුන් සහිතව යූ එච් එෆ් (UHF) භෞමික සංඛ්‍යාත 47 (දීපව්‍යාප්ත ) හා බස්නාහිර – 49 , දකුණ – 28/47/51 , වයඹ – 32/47 , නැගෙනහිර -47/51 යූ එච් එෆ් (UHF) නාලිකා අංක ඔස්සේ මෙන්ම SUPREME NOW යූ ටියුබ් නාලිකාවෙන් මෙන්ම SUPREME TV නිල ෆේස්බුක් පිටුව ඔස්සේ සජීවීව ම නැරඹීමේ අවකාශය දැන් ලැබී ඇත .
සුප්‍රීම් ටීවි නාලිකාව ශ්‍රී ලංකාවේ දැවැන්තම ක්‍රිකට් ලීග් තරගාවලිය වන එල්පීල් හී ද නිල රූපවාහිනී සහකරු ලෙසින් වසර 5කට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හා තරගාවලී සංවිධායක IPG ගෲප් සමගින් ගිවිසුම් ගතව සිටි.