(පැතුම් වික්‍රමරත්න )
හම්බන්තොට ජාත්‍යන්තර වරාය භුමියේ යෝට් යාත්‍රා ඉදිකිරීමේ අංගනයක් ඉදිකිරිම සඳහා Sea Horse Yachts (Pvt) Ltd සමාගම හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමාගම සමග ගිවිසුමකට එළඹී තිබෙන බව වාර්තාවේ
Sea Horse Yachts (Pvt) Ltd සමාගමේ ප්‍රධාන විධායක අධ්‍යක්ෂක Johnson Liu සහ එහි සභාපති අලී හුසේන් දිදී විසින් මෙම ගිවිසුම අත්සන් කිරීම සිදුකළ බවයි ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යාංශය සඳහන් කර සිටී
මෙම ව්‍යාපෘතියේ මුලික ආයෝජනය අමෙරිකානු ඩොලර් මිලියන 58ක් (රුපියල් බිලියන 11.5ක්) වන අතර එහි වැඩකටයුතු 2022 වසරේ පළමු කාර්තුවේදී ඇරඹීමට නියමිතව ඇත.
මෙම ව්‍යාපෘතිය තුලින් සෘජු රැකියා 200ක් උත්පාදනය කරනු ලබන අතර වක්‍ර රැකියා 300 බිහිවෙනු ඇති බව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සඳහන් කර සිටී
Sea Horse Yachts සමාගම අධි සුඛෝපභෝගී යෝට් යාත්‍රා නිෂ්පාදන සමාගමක් වන අතර එය ශ්‍රී ලාංකික විශේෂඥයින් මෙන්ම බ්‍රිතාන්‍යය,යුරෝපීය සහ දකුණු අප්‍රිකානු නිර්මාණශිල්පීන්ගෙන් සැදුම්ලත් පිරිසගෙන් යුක්ත වේ,