රාජ්‍ය තාන්ත්‍රික මට්ටමෙන් ශ්‍රී ලංකාවට අද උදාවී ඇත්තේ මීට පෙර දැකගන්නට නොලැබුණු තරමේ සුවිශේෂී දිනයකි.
ඒ ශ්‍රී ලංකාව කුඩා දූපතක් වුවද භූදේශපාලනයේ තීරණාත්මක සන්ධිස්ථානයක් බවට මනාව පිළිඹුබු වන අවස්ථාවක් දැකගැනීමට හැකිව ඇති බැවිනි.
ලෝක බලවතුන් තුන්කට්ටුවක්ම අද ශ්‍රී ලංකාවට පැමිණේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ධුරයට පත්ව තුන්මසක් සම්පූර්ණ වීමටත් ප්‍රථම අමෙරිකාව, රුසියාව හා චීන නියෝජිතයන් අද ශ්‍රී ලංකාවට පැමිණේ.
ඔවුන් එකම දිනකදී පැමිණ මෙරට ජනාධිපතිවරයා ඇතුළු ඉහළ පෙළේ නිලධාරීන් සමග සාකච්ඡා කිරීමට අපේක්ෂා කිරීම තරමක් සුවිශේෂීබවක් පෙන්නුම් කරයි.
ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාව භූ දේශපාලනයට අතිශය වැදගත් මධ්‍යස්ථානයක් බව මෙම නිල සංචාරවලින් පෙනී යන බවයි.