සුව ඇමැතිනියට සුවයි !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

කොරෝනා වයිරසය ආසාදනය වී සිටි සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා දේවි වන්නිආරච්චි මහත්මිය අද(16) උදෑසන සම්පූර්ණයෙන් සුවය ලබා කොළඹ අයිඩීඑච් රෝහලෙන් පිටව ගොස් ඇත .

ඒ මහත්මිය දින 20ක් අයිඩී එච් රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියාය.

ඇයට කොරෝනා වයිරසය ආසාදනය වූ බව හඳුනාගෙන ලැබු‍වේ ජනවාරි 23 වැනිදා කළ පරීක්ෂණයකිනි.