සුළු වරදකරුවෝ 500ක් නිදහස් දින නිදහස ලබති

Picture of අසංක

අසංක

අනිද්දාට යෙදෙන 72 වැනි ජාතික නිදහස් දින සැමරුම නිමිත්තෙන් සිරකරුවන් 516 දෙනෙකුට නිදහස ලබාදීමට නියමිතය.

සුළු වැරදීමකට කෙටි කාලීන සිරදඬුවම් ලැබූ පිරිසක් මෙලෙස නිදහස ලැබීමට නියමිතය.

මත්කුඩු, මිනීමැරුම්, මංකොල්ලකෑම්, ස්ත්‍රී දුෂණ, පැහැරගැනීම්,කප්පන් ගැනීම්, ඇතුළු බරපතල ගණයේ වැරදි 30 කට සම්බන්ධ කිසිදු සිරකරුවෙකුට මෙදින නිදහස හිමි නොවන බවද සඳහන් ය.

සුළු වැරදි මත දඩ මුදල් ගෙවා ගැනීමට නොහැකිව සිරදඬුවම් විදින පුද්ගලයින් 516 ක ලැයිස්තුවක් මේ වන විට අධිකරණ අමාත්‍යාංශය වෙත ඉදිරිපත් කර ඇත.