ප්‍රබෝධා හෙට්ටිආරච්චි
ලොව කාර්ය බහුලතම නෞකා මාර්ගයක් වන සූවස් ඇළ හරහා සිරවුණු යෝධ එවර් ගිවන් බහාලුම් නෞකාව නිදහස් කොට යළි සුපුරුදු මාර්ගයට යොමු කිරීමට මෙහෙයුමේ කණ්ඩායම ඊයේ (29) සමත් විය.
එය තවත් පැය කිහිපයකින් සුවස් ඇළ මාර්ගයේ දින ගණනාවක් තිස්සේ පැවති පැවැති අධික තදබදය අවම කිරීමට හැකි වනු ඇතැයි අපේක්ෂා කෙරේ .
පසුගිය අඟහරුවාදා සිට සූවස්
ඇළ මාර්ගය අවහිර කරමින් සිර
වී තිබූ එවර් ගිවන් නෞකාව නිසා පැයකට ඩොලර් මිලියන 480 බැගින් පාඩුවූ අතර දෙපස අවහිර වූ නෞකා ගණන 300කට අධික විය.
හදිසි අවස්ථා ගලවා ගැනීමේ ටග්‌යාත්‍රා 12ක් සහ වැලි ඉවත් කිරීමට යොදාගත්
යන්ත්‍රෝපකරණ 08ක් එක්ව පුරා පැය 156ක් සිදුකළ මෙම මෙහෙයුමේ සාර්ථක ප්‍රතිඵල නෙලාගන්නට මෙහෙයුම්
කණ්ඩායමට අද අලුයම හැකිව තිබුණි.
එවර්ග්‍රීන් සමාගමේ එවර් ගිවන් යාත්‍රාව නිව්යෝක් හි පිහිටා තිබෙන Empire state ගොඩනැගිල්ලේ උසට සමාන වන අතර මෙහි දිග මීටර් 400ක් (අඩි 1,312) සහ බර ටොන් 200,000 ක් වේ. උපරිම ධාරිතාව බහාලුම් 20,000 කි. එය දැනට බහාලුම් 18,300 ක් රැගෙන යයි.
මෙම නෞකාව තායිවානයේ ප්‍රවාහන සමාගමක් වන එවර්ග්‍රීන් මැරීන් විසින් මෙහෙයවනු ලබන අතර එය ලොව විශාලතම බහාලුම් යාත්‍රාවකි.
පසුගිය අඟහරුවාදා වැලි කුණාටු සහ තද සුළං තත්ත්වයක් හේතුවෙන් සුවස් ඇළ හරහා මාර්ගය අවහිර කරමින් මෙම යාත්‍රාව සිරවී තිබුණි.