සේනා දළඹුවාගෙන් බඩඉරිගු වගා බිම්වලට සිදුවූ හානිය ජනාධිපතිවරයා නිරික්ෂණය කරයි

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

අනුරාධපුරය, ඇලෑපත්තුව, පහළගමට අද (26) පස්වරුවේ ගිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සේනා දළඹුවාගෙන් බඩඉරිගු වගා බිම්වලට සිදුව ඇති හානිය සොයා බැලීය.

සේනා දළඹු උවදුර නිසා බඩඉරිගු වගාවට හානි වීමෙන් පසුගිය දෙවසරක කාලයක සිට ගොවීහු දැඩි පීඩාවට පත්ව සිටිති. මේ වසරේ ද දළඹු උවදුරින් දිස්ත්‍රික්ක රැසක වගාවන්ට හානි සිදුව ඇති අතර, අපේක්ෂිත අස්වැන්න ඉහළ ප්‍රතිශතයකින් පහත වැටී ඇති බව ගොවීහූ ජනාධිපතිවරයා වෙත පවසා සිටියා.

මේ අතර වගාබිම්වලට ඇති, වන අලි තර්ජනය පිළිබඳව ද ගොවීන් විසින් ජනාධිපතිවරයා දැනුවත් කෙරිණ.

වගා බිම්වලට පැමිණ, තමන් මුහුණ දී ඇති දුෂ්කරතා සොයා බැලීම පිළිබඳව ගොවීහු ජනාධිපතිතුමාට ප්‍රසාදය පළ කළහ.

මිරිසවැටිය විහාරාධිපති පූජ්‍ය ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන්ද ජනාධිපතිවරයා සමග මේ අවස්ථාවට වැඩම කර සිටියහ.