සේනා දළඹු උවදුර නැවතත් මෙරට ප්‍රදේශ කිහිපයක ව්‍යාප්තවෙමින් ඇති බව වාර්තාවේ.
ඒ අනුව අම්පාර, මඩකළපුව සහ මොණරාගල දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක සේනා දළඹු උවදුර මේ වනවිට පැතිරයමින් ඇත.
මඩකළපු දිස්ත්‍රික්කයේ කෙවිලියාමඩුව, අම්පාර දිස්ත්‍රික්කයේ වඩිනාගල සහ ලාහුගල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වල පසුගිය සතිය වනවිට මෙම උවදුර පැතිර යමින් තිබුණු අතර මේ වනවිට මොණරාගල දිස්ත්‍රික්කයේ සියඹලාණ්ඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ගම්මාන කිහිපයකින් ද එම දළඹු උවදුර වාර්තා වී ඇත.
සියඹලාණ්ඩුවේ පල්ලේගම, නැව්ගල, කෝන්ගස්පිටිය සහ මැදබැද්ද යන ගම්මානවල අක්කර 4000ක පමණ බඩ ඉරිඟු වගාවන් මේ වන සේනා දළඹු වසංගතයට ගොදුරු වෙමින් පවතින බවද වාර්තාවේ .