සේවය අවසන් කිරීමේ වන්දිය ලක්‍ෂ 25 දක්වා වැඩිකෙරේ .

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

සේවය අවසන් කිරීමේ වන්දිය ලක්ෂ 25 ක් දක්වා වැඩිකිරීමට කම්කරු දෙපාර්තුමේන්තුව පියවර ගෙන ඇත

ඒ සඳහා වන අති විශේෂ ගැසට් නිවේදනය ඉකුත් 19 වැනිදා නිකුත් වූ බවත් නව නීතිය එදින සිට ක්‍රියාත්මක බවත් කම්කරු කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා අද (28) මාධ්‍ය වෙත  පැවසීය.

1971 අංක 25 දරන කම්කරුවන්ගේ රක්ෂාව අවසන් කිරීමේ විශේෂ විධිවිධාන පනතේ 2005 සිට ක්‍රියාත්මක කළ වන්දි සූතය අනුව මෙතෙක් ගෙවිය යුතු උපරිම වන්දි මුදල වූයේ රුපියල් 125,000 ක් වන අතර එම මුදල ලක්ෂ 25 ක් දක්වා වැඩිකිරීමට කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් කළ යෝජනාවක් අනුව මෙම වැඩිකිරීම සිදුකර ඇත.

වැඩ කරන ජනතාව අතරින් අයෙක් සේවයේ යෙදී සිටිය දී මිය ගිය අවස්ථාවක ඔහු වෙනුවෙන් ගෙවනු ලබන වන්දිය ඔහුගේ දරුවන්ගේ අධ්‍යාපනය ඇතුළු අනාගත අවශ්‍යතා වෙනුවෙන් ප්‍රමාණවත් නොවන බව වෘත්තීය සමිති විසින් අමාත්‍යවරයා වෙත පෙන්වා දී ඇති බවත් ඒ අනුව නව වන්දි ක්‍රමය ක්‍රියාත්මක කළ බවත් කී චන්ද්‍රකීර්ති මහතා ඒ අනුව මෙසේ වන්දි මුදල වැඩි කරනුයේ වසර 15 කට පසුව බවත් කියා සිටියේය.