පැතුම් වික්‍රමරත්න
ස්විස් තානාපති කාර්යාලයේ නිලධාරිනියක පහර ගැනීමේ සිද්ධිය පිලිබදව කරුණු විමසීම සඳහා මෙරට ස්විට්සර්ලන්ත නාතාපති හැන්ස් පීටර් මොක් මහතාව ස්විට්සර්ලන්ත රජය මගින් වහා එරටට කැඳවා ඇත.
මෙම පැහැර ගැනීම සම්බන්ධයෙන් අදාල තානාපති කාර්යාල නිළධාරිනිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලබාදුන් ඇතැම් ප්‍රකාශ පරස්පර වී ඇතැයි වාර්තා වන අතර ඒ සම්භන්ධව මේ වනවිට ශ්‍රී ලංකා රජය මෙන්ම එරට පදිංචි ශ්‍රී ලාංකිකයින් පිරිසක් විසින්ද ස්විස් රජය දැනුවත් කර ඇත.
මීට පෙර ස්විස්ටර්ලන්තයේ ශ්‍රී ලංකා තානාපතිවරයාද එරට විදේශ අමාත්‍යංශය වෙත මේ පිලිබඳ කරුණු පැහැදිලි කළේය.
ඒ අනුව එරට රජය අදාල පැහැර ගැනීම සම්බන්ධයෙන් ස්විස් තනාපතිවරයාගෙන් මෙලෙස කරුණු විමසීමට තීරණය කර ඇති බව වාර්තවේ .