සෞඛ්‍ය උපදෙස් පිළිනොගන්නා පුද්ගලයින් සොයා පොලිස් මෙහෙයුම්

Picture of අසංක

අසංක

නිසි සෞඛ්‍ය උපදෙස් පිළිනොගෙන මහා මාර්ගවල ගමන් ගන්නා පුද්ගලයින් නීතියේ රැහැනට හසුකර ගැනීමේ විශේෂ පොලිස් මෙහෙයුමක් මේ දිනවල බස්නාහිර පළාත ආශ්‍රිතව සිදුවේ.

බස් රථ , ත්‍රී රෝද රථ සහ පොදු ප්‍රවාහන සේවා භාවිතා කරන මගීන් ඇතුළු පුද්ගලික වාහන භාවිතා කරන පුද්ගලයින් ඉලක්කරගනිමින් මෙම මෙහෙයුම දියත්කර තිබේ.

ගෙවී ගිය සති දෙකක කාලය තුළ 50,000 කට වැඩි පිරිසක් මෙම මෙහෙයුමේදී පරීක්ෂාවට ලක්ව ඇති අතර නිසි සෞඛ්‍ය උපදෙස් අනුගමනය නොකල 30,000 ක් පොලිස් භාරයට ගෙන අවවාදකර මුදාහැර තිබේ.

ඊයේ මෙම මෙහෙයුම ත්‍රී රෝද රථ සහ යතුරුපැදිකරුවන් ඉලක්කරගෙන ක්‍රියාත්මක වී ඇත. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කරනු ලැබුවේ නිසි සෞඛ්‍ය උපදෙස් නොපිළිපදිමින් ත්‍රී රෝද රථ සහ යතුරුපැදිවල ගමන් ගන්නා පුද්ගලයින් 2910 දෙනෙකුට ඊයේ දිනය තුළ අවවාදකර මුදා හැරිය බවය.

බස්නාහිර පළාත කේන්ද්‍රකරගනිමින් ඊයේ දවස පුරා නිලධාරීන් 845 දෙනෙක් යොදවා මෙම විශේෂ පොලිස් මෙහෙයුම ක්‍රියාත්මක විය.

යතුරුපැදි 3068 ක් සහ ත්‍රීරෝද රථ 3207ක් පරීක්ෂාවට ලක්වුණු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කරයි. එහිදී පරීක්ෂාවට ලක්වූ පුද්ගලයින් ගණන 9764 දෙනෙකි.