සෞඛ්‍ය මාර්ගෝපදේශ  ඉදිරියේදී වෙනස් වෙයි

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පැතුම් වික්‍රමරත්න
කොරෝනා වසංගතය පාලනය සඳහා  දැනට හඳුන්වා දී ඇති මාර්ගෝපදේශ සංග්‍රහය ඉදිරියේදී  විද්වත් කමිටුවල උපදෙස් අනුව සංශෝධනය කිරීමට සැලසුම් කර ඇති බව  ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොරෝනා පාලන රාජ්‍ය අමාත්‍යාංශය සඳහන් කර සිටී .
දැනට ගෙන ඇති තීරණවලින් මහජනතාවට සිදුවන අවහිරතා මගහැරීමට අවශ්‍ය පියවර ගැනීමට ඇති හැකියාව පිළිබඳ මෙහිදී අවධානය යොමු කරන බවද එහි අමාත්‍යංශ  ලේකම් වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා  මාධ්‍ය වෙත  සඳහන් කළේය
දැනට සකස් කර ඇති මාර්ගෝපදේශ සංග්‍රහයේ ඇති ඇතැම් කරුණුවල විද්‍යාත්මක පදනම විමසා බැලීමක් සිදු කරන බව ද ඔහු සදහන් කළේ ය.
ඒ සම්බන්ධයෙන් පත් කළ විද්වත් කමිටුව සමග අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සාකච්ඡා පවත්වා කරුණු විමසා ඇතැයි ද ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.