සෞදි – අමෙරිකා සබඳතා ශක්තිමත්වේ.

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

සෞදි අරාබිය සහ අමෙරිකාව අතර පැවති සබඳතා ශක්තිමත්ව පවත්වාගෙන යාමට දෙරටේ නායකයින් එකඟ වී තිබේ.

ඒ, අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් පළමු වරට සෞදියේ මොහොමඩ් බීන් සල්මාන් රජු සමග පැවැත් වූ දුරකතන සංවාදයේදීය.

දෙරට අතර පවතින සබඳතා ශක්තිමත්ව විනිවිදභාවයෙන් යුතුව පවත්වා ගැනීමට අපේක්ෂා කරන බව අමෙරිකානු ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කළේ ය.

එම සංවාදය සිදුවූයේ මාධ්‍යවේදී ජමාල් කෂෝග්ජි ඝාතනය සම්බන්ධයෙන් අමෙරිකානු බුද්ධි වාර්තාවක් නිකුත් වීමට නියමිත පසුබිමකදීය.

ජමාල්ගේ පවුලට යුක්තියට ඉටුවිය යුතු බව ද අමෙරිකානු ජනාධිපතිවරයා සෞදි රජුට ප්‍රකාශ කර තිබුණි.

යේමන යුද්ධය අවසන් කිරීම සම්බන්ධයෙන් ද දෙරටේ නායකයින් එහිදී සාකච්ඡා කළේ ය.

ඒ සඳහා සුදුසු වැඩපිළිවෙළක් සකස් කිරීමේ වැදගත්කම ද දෙරටේ නායකයින් සාකච්ඡා කර ඇතැයි විදෙස් මාධ්‍ය පැවසුවේ ය.