ස.තො.ස ලාභ ලබයි !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

මාස 16 ක් තුළ සතොස ආයතනය ලාභ ලබන තත්ත්වයට පත් කර ගැනීමට තමන්ට හැකි වූ බව වෙළද අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසයි

ඒ සදහා ලබාදුන් සහයෝගය වෙනුවෙන් සියලු මාධ්‍ය ආයතනවලට ද ගෞරවය හිමි විය යුතු බව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් අමාත්‍යවරයා කියාසිටියේය .

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවසීය .

මම ආයතනය භාරගන්න විට මෙහි ගොඩගැසී තිබු අලාභය රුපියල් බිලියන 20කට වැඩියි . සැපයුම්කරුවන්ට බිලියන 28ක් ගෙවන්න තිබුනා . මෙම මහා අලාභ සහිත ආයතනය  මේ වනවිට ඉතිහාසයේ පළමුවරට විශාල ලාභයක් ලබනවා . ලක් සතොස ප්‍රථමවරට රුපියල් කෝටි 4100ක වෙළඳ පිරිවැටුමක් ලබාගත්තා . අද මෙය රටේ දැවැන්තම සිල්ලර අලෙවි ජාලය බවට පත්වෙලා ,